හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපදෙස් මත පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබේ.
හදිසියේම එම සංවිධානයයේ කැදවා ඇති හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ දැනට ඇති තත්වය මත සංවිධානය පසුබා සිටිම සුදුසු යයිද සදහන් කර ඇත.
තමන් සමඟ එක් වූ කිසිවකු තනි කරන්නේ නැතැයි ද සහතික කර ඇති ඇය සුදුසු අවස්තාවකදී නැවත ක්‍රියාකාරී දේශපාලන මැදිහත්වීම කරන බවද පවසා තිබේ.
මේ අතර හිටපු ජනාධිපතිනිය ඉතා ඉක්මනින්ම එංගලන්තය බලා යාමට නියමිත බව ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
(Lanka Leads)