වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සම්පූර්ණ කර ගැනීම සඳහා සහාය දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සූදානම්ව සිටින බව වාර්තා වේ. ඔවුන් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.
කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා මෙතෙක් ආණ්ඩු පක්ෂයේ නායකයන් කිසිදු තීරණයක් ගෙන නොමැත. වත්මන් ආණ්ඩුව භාරකාර රජයක් ලෙස කටයුතු කරන බැවින් හා ආණ්ඩුවේ කාලසීමාව උපරිම මාස තුනකට හෝ හතරකට සීමා වන බැවින් බහුතරය සකස් කර ගැනීම පිළිබඳව එතරම් අවධානය යොමුකර නොමැත.
එසේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වුවද කුමන තත්වයක් යටතේ හෝ කැබිනට් මණ්ඩලය තවදුරටත් වැඩි නොකිරීමට ද ආණ්ඩුව සහ ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
වතුකරය නියෝජනය කරන පක්ෂ දෙකක් හා එජාපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
(LNW)