ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මහතා නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි නිරත වීම සඳහා ඒ මහතාව තම පක්ෂයෙන් මුදා හැරීමට ජාතික හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය ද තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
වත්මන් දේශපාලන කරළියෙහි සිටින අති දක්ෂයකු වන චම්පික රණවක මහතා පසුගිය රජයේ ඉහළම වැඩ කොටසක් කළ අමාත්‍යවරුන් අතර ඉදිරියෙන්ම සිටි අමාත්‍යවරයා ද විය.
එම රජයේ අමාත්‍යවරුන් අතරින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉහළම ප්‍රශංසාවට ලක්වූ අමාත්‍යවරයා වූයේ ද චම්පික රණවක මහතාය.
එසේම 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය සමයේ සහ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ ද ඔහුගේ භූමිකාව ඉතාම තීරණාත්මක සහ ප්‍රබල එකක් බව මනාව පෙන්නුම් කෙරිණි.
ඒ අනුව, ඒ මහතා ප්‍රධාන පක්ෂයකින් දේශපාලනයට එක්වීම යනු ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන ක්ෂේත්‍රයේම නව නැම්මක් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.
(LNW)