Tuesday, July 08, 2025
Follow Us
මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වය කරූට!

පක්ෂයෙන් ගිලිහී ගිය සිංහල බෞද්ධ ඡන්ද පදනම නැවත ලබා ගැනීම කෙරෙහි එක්සත් ජාතික අවධානය යොමු වී තිබේ.

ඒ සඳහා දැනට කතානායක ධුරයේදී කටයුතු කරනු ලබන කරූ ජයසූරිය මහතාට පක්ෂයේ යම් කාර්යභාරයක් ලබා දිය යුතු බවට ඇතැමුන්ගේ මතය වී ඇත.ඒ මහතා එළඹෙන මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ.

අද (22)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතාද කියා සිටියේ පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.ඒ සඳහා සිටින එකම සුදුස්සා කරූ ජයසූරිය මහතා බව පක්ෂයේ බහුතරයේ මතය වී ඇත.

(Lanka Leads)