එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය අඩපණ කළ බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමෙන් පසු එම මැතිවරණ යාන්ත්‍රණය ඔවුන්ට භාර කළ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයට පැවරුන වගකීම ද නිසිලෙස ඉටුකර තිබෙන බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. ඒ පිළිබඳ තමන්ට සහතික විය හැකි බවද ඔහු කියාසිටියේය.
එමෙන්ම පක්ෂයට සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වීම ගැන සොයා බැලිය යුතු අතර එකිනෙකාට ඇඟිලි දිගුකර චෝදනා කරමින් සිටීමේ පලක් නොවන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
එම තත්ත්වය නිවැරදි කර ගැනීමට පියවර ගත යුතු අතර සංඝයා වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගෙන නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.
මේ අතර මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් තමන්ට එල්ලවෙන චෝදනාවද ප්‍රතික්ෂේප කරන බව පැවසූ හිටපු අගමැතිවරයා පැවසුවේ තමන් මූල්‍ය කටයුතු භාර නොගත් බවයි.
(LNW)