Thursday, May 28, 2026
Follow Us
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ රැස්වීමක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21) රැස්වීමට නියමිතයි.

ඒ පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු, විනය ක්‍රියාමාර්ග කටයුතු, ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි.

රාතී‍්‍ර 07.00 ට පමණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ කිරීමට නියමිතයි.

(Neth)