Saturday, March 21, 2026
Follow Us
ජනාධිපති අනුර පක්ෂ නායකයින් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදයත්, එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට හා ආර්ථිකයට කරන බලපෑමත් පිළිබඳව සාකච්ඡා කළ ජනාධිපතිවරයා එයට මුහුණ දීම සඳහා මේ වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ නායකයින්ට පැහැදිලි කර තිබේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් සහභාගී වී සිටියේ ය.