රනිල් වික්රමසිංහ මහතා අද (21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතමින් සිය සමුගැනීමේ දේශනය සිදු කර තිබෙනවා.
අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන ලිපිය රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති වෙත යොමු කර ඇති බවද වාර්තා වුණා.
විශේෂ ප‍්‍රකාශයක් කරමින් රනිල් වික්රමසිංහ මහතා ඊයේ (20) පැවසුවේ තමන් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවයි. ඒ, ජනවරමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩ සලසා දෙමින්.
(Neth)