Wednesday, July 09, 2025
Follow Us
ජනපති හමුවීමට පැමිණ හරවා යැවූ රාජිත FCID යට.!

සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවත්වමින් ඇති පරීක්ෂණ සදහා නැවත වතාවක් කැදවා තිබේ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අවස්ථා ගණනාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද කැදවීම් මග හැර තිබින.

ජනාධිපතිවරණයෙන් පසු පළමු වතාවට මන්ත්‍රීවරයා FCID කැදවා ඇති අතර ඔහුට පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙයි.

ජනපතිවරයා වැඩ භාර ගත් දින ඔහුට සුභ පැතීමට රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ගොස් තිබූ අතර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අසළදී නැවත හරවා යවා තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

(Lanka Leads)