Wednesday, July 09, 2025
Follow Us
ජනපති කළ ප්‍රකාශය දෙමළ ජාතික සන්ධානය සතුටින් භාර ගන්නා බව කියයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් නුදුරු දිනකදීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීමට අපේක්‍ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙයිකලනාදන් පවසනවා.

වව්නියාවේ පිහිටි ටෙලෝ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂ සියල්ලෙහිම නියෝජිතයන් එක්වනු ඇති බවයි.

රටේ සියළු ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙන බවටත් සෑම ජාතියකටම සමානව සලකන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ප‍්‍රකාශය සතුටින් භාර ගන්නා බවද සෙල්වම් අඩෙයිකලනාදන් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවන්නේද මෙම ප‍්‍රකාශය මත පදනම්ව දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාගැනීමට බවයි මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ.

(Neth)