උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවත්, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ඊයේ (23) පැවැති උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන් ගෙන ගිය පැවති රජයන්ගේ වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බවත්, අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බවත් උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍ය බවත් ඔවුන් මෙහිදී කියා සිටියේ ය.