Friday, May 23, 2025
Follow Us
පා.ම.දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා  ත්‍රිපුද්ගල කමිටුවක් පවත් කර ඇත.

පසුගිය මැයි 20 දින සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිල්ලක් සැලකිල්ලට ‍ගෙන, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්ද,  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ සාමාජිකත්‍‍වයෙන්ද යුත් ත්‍රිපුද්ගල කමිටුවක් තමා විසින් පත් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.