Monday, April 28, 2025
Follow Us
දූෂණයවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය අපි ඉවත් කළා - අගමැතිනී

අවුරුදු හැත්ත පහක් පුරා දූෂණයවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය වත්මන් රජය ඉවත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව, හුංගම, තංගල්ල ප්‍රදේශවල ඊයේ (27) පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අවුරුදු හැත්ත පහක් තිස්සේ දූෂණයවලට,අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය අපි ඉවත් කරලා තියෙන්නේ. තවදුරටත් ඒ ජනතා විරෝධී දූෂිණ, අපරාධවලට රැකවරණයක් නෑ. මේක කරන්න පටන් ගන්නකොට ඒකෙන් බය වුණ, අවුල් වුණ පිරිසක් රාජ්‍ය සේවය තුළත් ඉන්නවා. ආරක්ෂක සේවය තුළත් ඉන්නවා. මේ සියල්ලම දේශපාලන ආශිර්වාදය එක්ක තමා පවත්වාගෙන ගියේ. දේශපාලන ආශිර්වාදය නැති වුනාම දැන් මේක ඇතුළට හරවලා තියෙන්නේ ඉතුරු පුරුක් ටිකත් ලිහා ගන්න. ඒක තමයි ඔබ මේ දවස්වල දකින්නේ?

ඒකේ ප්‍රසිද්ධම සිද්ධීන් දෙකෙන් එකක් තමයි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම. ඊට පස්සේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීම. ඔබ හිතන්න මීට පෙර පොලිස්පති අත්අඩංගුවට ගත්තා කියලා ඔබ අහලා තිබෙනවද? පාර්ලිමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවකුත් ඒ වෙනුවෙන් පත් කරලා තියෙන්නේ. අද ඒ කල්ලිය තුළින් ආරක්ෂා වෙච්ච අයටත් බයක් ඇතිවෙනවා.