පාසැල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මතුව ඇති ගැටලුවක් සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
පසුගිය රජයන් විදුහල්පති පත්කිරීම ගැටලුකාරී තැනකට පත්කර තිබුණා. නිසි ක්‍රමවේදයක් නැතුව වැඩ බලන විදුහල්පතිවරුන් පත් කරමින් අවුරුදු ගාණක් ඒ ගුරුවරුන්ටත්, පාසලටත් අසාධාරණයක් වෙන විදියට අතිශයින්ම ප්‍රශ්නකාරී තැනකට පාසල් පරිපාලනය ඇද දාමා තිබෙනවා. මේ වනවිට නිවැරදි ක්‍රමවේදයක් අනුව දැනට පවතින රෙගුලාසි අනුව කටයුතු කර නිවැරදි කරමින් යනවා. විදුහල්පති තනතුරක සිටිය යුතු පුද්ගලයෙක් සතුවිය යුතු සුදුසුකම් අනුව සම්මුඛ පරීක්ෂණ හරහා නිසි ක්‍රමවේදයකින් සියලුම ජාතික පාසල් වලට හා පුරප්පාඩු තියෙන තැන්වලටත්ට විදුහල්පතිවරුන් පත් කරනවා. අපි එක් එක් පාසලට වෙනස් විදිහට සලකන්නේ නෑ. සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයෙන් තමයි ගම්පහ බණ්ඩාරනායක විදුහලටත් විදුහල්පති පත්කිරීම සිදුකර තිබෙන්නේ.