Monday, April 14, 2025
Follow Us
කෝසලගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන්ත

කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ජාතික ජනබලවේගය නියෝජනය කළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ මහතා තෝරා ගත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (ආ) අනුව්‍යවස්ථාවට අනුව හා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (2) වන වගන්තිය යටතේ ක්‍රියා කරමින් මෙලෙස රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ මහතා පත් කර ගෙන ඇත.