Tuesday, April 15, 2025
Follow Us
දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරිමේ යෝජනාව සම්මතයි
 
පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මේ සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5.45ට ආරම්භ කෙරුණු අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමි නොවීය.
පොලිස්පතිවරයා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු 115 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගිය මාර්තු 25 වැනි දා ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා වෙත බාර දුන්හ.
 
මේ අතර අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ද අද පැවැත්විණි. එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පත 2025 මාර්තු 01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.