ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ දිනයක් වෙන් කරවාගෙන, එම දිනයේදීම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගත හැකි බව ද ඒ මහතා පැවසීය.
අද (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවසිය.
"මාර්ගගත ක්‍රමය මගින් දිනයක් වෙන්කරවා ගත හැකි අතර එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නිදසුනක් ලෙස අද (23) දින දිනයක් වෙන් කර ගන්නේ නම් ලැබෙන දිනය ජූනි 27. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට දිනයක් ගත්තොත් දළ වශයෙන් මාස 05ක් පමණ ඉදිරියට දිනයක් ලැබෙනවා.
හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් මෙම දිනට ප්‍රථම ගමන් බලපත්‍රයක් ලබාගන්න අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ දින වෙන් කර ගත් අය සඳහා එක දිනකට පාස්පෝට් නිකුත් කිරීම් 800ක් සිදුකරනවා. ඒ වගේම යම් අයෙකුට ඔවුන්ගේ හිදිසි අවශ්‍යතාවය දැනුම්වත් කරලා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කරලා තියෙන කමිටුව හමුවට ඇවිල්ලා තොරතුරු දැනුම් දුන්නාවිට දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර සංඛ්‍යාව 650ක්. ඊට අමතරව විදේශ දූත මණ්ඩල මගින් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ අනුව විදේශගත වූවන්ගේ පාස්පෝට් 500ක් ඒ සඳහා දෛනිකව නිකුත් කරනවා"