Wednesday, January 15, 2025
Follow Us
රතු සහල් හිඟිය ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පසුගිය රජයන් විසින් සිදු කර තිබෙන ක්‍රියාවන් බව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.

වෙළෙඳපොළේ සහල් නැතිවීම පිළිබඳව ජනතාව මට දුරකථන ඇමතුම් ලබා දෙන බවත්  විශේෂයෙන්ම රතු සහල් වගාකිරීම් කරන්නේ මාතර, ගාල්ල, හම්බන්තොට, දකුණ වගේම නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවල මේ වී වගාකරන ප්‍රදේශවල මෝල්වල වගේම, ගබඩා සම්බන්ධවත් සමීක්ෂණයක් කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව දැනෙනවා පසුගිය 2024 වර්ෂයේ හෙක්ටයාර් 277,315ක් අපේ රටේ රතු සහල් වගා කරලා තිබෙන බවත් 2024 යල සහ මහ කන්න දෙකම ඒ අනුව වගා කර වී මෙට්‍රික් ටොන් මිලියන 1.1ක් අස්වැන්න ලැබිලා තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

"දැන් පටන් ගන්නේ මහ කන්නයේ අස්වැන්න. 2024 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර 277,000 මුළු අවුරුද්දෙම යල කන්නයේදී වගා කරලා තියෙන්නේ හෙක්ටයාර ලක්ෂයයි. යල කන්නයේදී වී අස්වැන්න ලැබිලා තියෙන්නේ හාරලක්ෂ තුන්දහස් අනූ හතක් වගේ ප්‍රමාණයක්, හත්ලක්ෂ හයදහසක් ලැබිලා තියෙනවා මහ කන්නයේදී. 

දැන් අපි සූදානම් වෙන්නේ 2025 මහ කන්නයට. 2025 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර එක්ලක්ෂ හැට එක් දහස් හැට හතක් රතු වී සඳහා වගා කරලා තියෙනවා. අපේක්ෂා කරලා තියෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හයලක්ෂ හතලිස් අටදහස් දෙසීය දාසයක්. ඒ අනුව 2025 අවුරුද්දට රතු සහල් හිඟයක් ඇති වෙන්න විදිහක් නෑ. 

2024 හිටපු ආණ්ඩු කරපු සමහර අමනෝඥ වැඩ නිසා තමයි අද තෛපොංගල් බත උයාගන්නත් බැරි වෙලා තියෙන්නේ.

පහුගිය ජනාධිපතිවරණයට පෙර ඔබට මතක ඇති රතු සහල් කිලෝ 20ක් ලැබුණා රතු සහල් කන්නේ නැති මිනිස්සුන්ටත් ගිහින් රතු සහල් දුන්නහම සහල්වල හිඟයක් කල්පනා කරන්න තිබුණා. ඒ වෙලාවේ කිලෝ 20 ගානේ රතු සහල් අරන් ගිහින් දුන්නා රතු හාල් කන්නේ තැනි මිනිස්සුන්ටත් කන්න කියලා සුදු හාල් කන මිනිස්සුන්ට අවසානෙදි වුණේ රතු සහල්වල හිඟය එගොල්ලේ හැදෙව්වා."