ආබාධිත ජනතාවගේ හඩට සවස් දුන් ජාතික ජනබලවේගයට සිය ස්තුතිය පුද කරන බව, මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලබන අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව රුපියල් 7500 සිට 10,000 දක්වා වැඩි කරනබවද මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා පැවසීය.
අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දිනයේ විවාදයටඑක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවුසූයේ ආබාධ සහිත පුද්ගලයෙකු ලෙස තමා පාර්ලිමේන්තුවට පැමිණෙියේ අහඹු සිදුවීමකින් නොවන බවයි. ඒ වෙනුවෙන් කැප වූ පිරිසක දා හත් ලක්ෂයක් වූ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කෘතගුණ පුදකරන බව ඔහු කීය.
පසුගිය සමයේ තමාට පාර්ලිමේන්තුවෙන් ඇසුණේ අබාධිතතාවය හෑල්ලුවට ලක් කරන වචන බවත් , එලෙස වාග් හිංසාවට ලක්වන ලෙස භාවිතා කිරීමට ඉඩ නොදෙන්නැය ඒ මහතා ඉල්ලා සිටියේය. ලක්ෂ සංඛ්‍යාවක් ජනතාව එයින් තැවෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
“මෙය මාගේ මංගල කතාවයි. එමෙන්ම මෙය ඓතිහාසික කතාවක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 76කට පසු ආබාධ සහිත පුද්ගලයෙකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙනවා.”