Thursday, January 16, 2025
Follow Us
කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක්

කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇතිකළ යුතු බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ  මහතා පැවසීය. අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ අද (05) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රට අර්බුදයෙන් ගොඩ ගැනීමට ආර්ථිකමය වෙනසක් සිදුකිරීමට සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මානව සම්පත දියුණු කිරීමට නොහැකි නම්  රටක දළදේශීය නිෂ්පාදනය වැඩිකිරීමට හැකියාවක් නැතැයිද ඔහු කීය. කර්මාන්ත සඳහා සුදුසු බදු ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බවත් ව්‍යවසායකත්වය පුළුල් කිරීමට කටයුතු කළ බවත් අබේසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.