Tuesday, February 10, 2026
Follow Us
කුණු ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ඇති බව ගෝඨාභය කියයි

කසල අර්බුදය විසදීමට තාක්‍ෂණය යොදා ගනිමින් විධිමත් කසළ කළමණාකරණ වැඩපිළිවෙලක් ඉදිරි රජයක් තුළ තමන් කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ බිංගිරිය ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.

එහිදී "සෑම පළාතකම කසල කළමනාකරණය ඉතාමත් වැදගත් වෙලා තියෙනවා. පුත්තලම ප්‍රදේශයට අපි එදා යෝජනා කළ ව්‍යාපෘතිය වෙනස් කරලා..දැන් හැම පළාතකටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ රජයක් තුළ එක පළාතක කුණු අපි තවත් පළාතකට ගෙනියන්නේ නෑ. " යනුවෙන් සඳහන් කළා.

(Neth)