Tuesday, February 10, 2026
Follow Us
සජිත්ට සහය දෙන චන්ද්‍රිකා ඇතුළු පිරිස ගැන නිදහස් පක්ෂ තීන්දුව හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේ දීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමේ ගිවිසුමට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුලු පිරිසකට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

(Aruna)