Tuesday, February 10, 2026
Follow Us
ඉදිරි දිනවල පිල්මාරු කිහිපයක්

ලබන සතිය වන විට දේහපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදු විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයත්, දෙපැත්තේම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ පසුගිය සති කිහිපයේම මත ගැටුමත් ඇති කර ගත් රාජ්‍ය ඇමතිවරයෙකු සහ තවත් කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු සමඟද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය පසුගිය සති කිහිපයේම සාකච්ඡා කර ඇති බවද වාර්ථා වේ.

(Lanka LEads)