Tuesday, February 10, 2026
Follow Us
සහය දෙන අපේක්‍ෂකයා ගැන විග්නේෂ්වරන් කතා කරයි

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පක්‍ෂ සහයෝගය ලබාදෙන අපේක්‍ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළයුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා.

ඒ අනුව සිය සහය හිමිවන්නේ කුමන අපේක්‍ෂකයාටද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 3 ක කාලය තුළ පිළිතුරක් ලබාදෙන බවයි සී වී විග්නේෂ්වරන් කියාසිටියේ. ඒ සම්බන්ධයෙන් දෙමළ පක්‍ෂ නායකයින් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.


(Neth)