Wednesday, July 02, 2025
Follow Us
චන්ද්‍රිකාට ශ්‍රීලනිපයේ දොර වැසෙයි

ශ්‍රීලනිපයේ ජේෂ්ඨ අනුශාසිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් 5වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් ගැනීමට නියමිත බව ජේෂ්ඨ මධ්‍යම කාරක සභිකයෙකු පැවසීය. කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව එය සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට අදාළව ගිවිසුමට ප්‍රසිද්ධියේ එළඹ තිබීම හා ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රචාරක කටයුතුවල නියැළී සිටියදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජසජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට එක්සත් ජාතික පෙරමුණ සමග ගිවිසුමකට එළැඹීම ඇයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා තීරණය ගැනීමට හේතු වී ඇතැයි ඔහු පැවසීය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පෙරමුණ සමග ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයක් කිරීමට ඉඩ තිබෙන බවද වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 5 වැනිදා රාත්‍රි 7 ට ශ්‍රීලනිප මූලස්ථානයේදී පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

(Lanka LEads)