Wednesday, July 02, 2025
Follow Us
”සජිත් සමාජ විප්ලවය”-සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විට එළිදක්වා තිබේ.

ඒ මේ මොහොතේ මහනුවර ක්වින්ස් හෝටලයේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය.

ඊට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහා නායක හිමියන්ට පිළිගැන්විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු, සෙසු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු සමඟ විශාල පිරිසක් එක්ව සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය “ සජිත් සමාජ විප්ලවය“ ලෙස නම් කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ලක්ෂන් කිරිඇල්ල මහතා කියා සිටියේ, කන්ද උඩරට ඡන්දවලින් සජිත් ප්‍රේමදාස මහතා දිනවන බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරතන් මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර් ගත විශේෂිත කරුණු පිළිබඳව මෙහිදී සභාවට කරුණු දක්වනු ලැබීය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැමිණ සිටි මහා සංඝ රතනය ප්‍රමුඛ ආගමික නායකයින්ට හා සෙසු පිරිසට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වනු ලැබීය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ “සජිත් සමාජ විප්ලවය“ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ට මෙතැනින් පිවිසෙන්න.

(Lanka Leads)

Sajith Premadasa's Elec... by Ada Derana on Scribd