Wednesday, February 25, 2026
Follow Us
චන්ද්‍රිකා පුත් විමුක්ති දේශපාලන වේදිකාවට…05 වැනිදා සමුළුවේදී විශේෂ සිදුවීමක්

එළැඹෙන 05 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සමුළුවේදී විශේෂ සිදුවීමක් සිදුවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සූදානමයි.

මෙම සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඊට තෝරාගත් පිරිසක් වෙත පමණක් දැනුම් දී ඇත.

(Lanka Leads)