ජනාධිපතිවරණ මෙහෙයුම තුළ දෙමළ ජාතික සන්ධානය ඉතා වැදගත් තැනක් ගන්නා අතර උතුරු නැගෙනහිර එම ජන්ද ජයග්‍රහණය කරන පාර්ශවය වෙනුවෙන් තියුණු සහ තීරණාත්මක මැදිහත්වීමක් සිදුකරන්නකි.
2015 ජනාධිපතිවරණ සටන් බිමේද එය පැහැදිලිව දක්නට ලැබුණි. මේ මොහොතේත් ඉහළ අවධානයක් දිනා ගැනීමට ඔවුන් සමත්ව සිටින අතර ඔවුන්ගේ තීන්දුව බලපෑම් සහගත තත්ත්වයක පසුවෙයි.
වාර්තාවන අන්දමට මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ස්වාධීන වීමට තීරණයක් ගෙන ඇත. ඒ අනුව කිසිදු පාර්ශවයකට මැදිහත්නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණයකට එළඹ ඇති අතර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පරිදි නිදහසේ තීරණයක් ගැනීමටද ඉඩ දී ඇති බවයි කියවුණේ.
ඒ අනුව දෙමළ ජනතාවටද මෙහෙයවීමකින් තොරව තමන් කැමති ලෙස ජන්දය භාවිතා කිරීමේ හැකියාව පවතියි.
දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන කණ්ඩායම විසින් කරුණු 13ක් ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙන අතර මෙතෙක් ඊට කිසිවෙකුගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැත.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී කිසිවෙකුට හෝ සහය නොදී ස්වාධීනව සිටීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාමල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් උතුරේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටියි.
ජන්ද ප්‍රථිපලයේ තීරණාත්මක සාධකය වන උතුරු නැගෙනහිර දෙමළ ජනතාව දිනාගැනීම විශේෂයෙන් ප්‍රධාන අපේක්ෂයන්ට දැන් අභියෝගයක්ව පවතියි.
(LNW)