Tuesday, July 01, 2025
Follow Us
වසන්ත සේනානායකව ගන්න පොහොට්ටුවටත් උනන්දුවක් නෑ

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලද වසන්ත සේනානායක මහතාව තම පිලට එක් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ වැඩි උනන්දුවක් නොමැති බව වාර්තා වේ.

වසන්ත සේනානායක යනු විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකු වීම හේතුවී ඇති බව සඳහන්.

පසුගිය 2018 ඔක්තෝබර් 26 වනදා පිහිටවූ දින 52 ආණ්ඩු කාලසීමාව තුළ හය වතාවක් පැති මාරු කරමින් වාර්තාවක් පිහිටවූ වසන්ත සේනානායක මහතා මේ මොහොතේ තම පිලට සම්බන්ධ කරගත්ත ද ඔහු ජනාධිපතිවරණය ආසන්නයේ යළි පිල් මාරු කළහොත් තමන් දැඩි අපහසුතාවකට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායකත්වය වෙත පෙන්වා දී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ඒ අනුව වසන්ත සේනානායක මහතාව පොහොට්ටු පිලට සම්බන්ධ කරගත්ත ද ඔහුට කිසිදු තනතුරක් ලබාදීමට පොරොන්දු නොවිය යුතු බවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් අවධාරණය කර ඇති බව වාර්තා විය.

(LNW)