ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල දේශපාලනඥයින් පස්දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.
මෙම ප‍්‍රබල දේශපාලනඥයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීම සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා අවසන්ව ඇති බවත් ඉදිරි දිනවලදී ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම`ග එක්වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මේ සම`ග ඉදිරි දිනවලදී ප‍්‍රාදේශීය මට්ටමේ එ. ජා. ප. දේශපාලනඥයන් ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට සූදානමින් සිටින බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
(Lanka Leads)