Tuesday, July 01, 2025
Follow Us
එහෙට මෙහෙට පැන්න සේනානායක මුණුපුරාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එසේම ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධුරය ද අහෝසි කිරීමට කටයුතු කර ඇති බවයි එජාප ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නම් තමාගේ ප්‍රශ්න කිහිපයකට ඔහු සෘජුව පිළිතුරු දියයුතු බව පවසමින් වසන්ත සේනානායක මහතා ‍පසුගියදා ප්‍රශ්න කිහිපයක් ඇතුළත් ලිපියක් සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කර තිබිණි.

එළැඹෙන මහ මැතිවරණයේ අග්‍රමාත්‍ය අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද ?
රවී කරුණනායක මහතාට යම් හෙයකින් නැවතත් පාර්ලිමේන්තුව පත්වුවහොත් ඔහුට කැබිනට් අමැතිධුරයක් ලබා දෙන්නේද ?
රිෂාඩ් බද්යුදීන් මහතාට කැබිනට් අමාත්‍යධුරයක් හිමිවන්නේද ?
රවුෆ් හකීම් මහතා තවදුරටත් ජනපතිවරණ මෙහෙයුම් වේදිකාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන්නේද ? යන ප්‍රශ්න වසන්ත සේනානායක මහත සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙත ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා පිළිතුරු යැවීමට මෙතෙක් කටයුතු කර නොමැති අතර වසන්ත සේනානායක මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එජාප ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් බොහෝ දෙනාගේ අප්‍රසාදය පළවිය.

(LNW)