Tuesday, July 01, 2025
Follow Us
TNA සහය සජිත්ට…සම්බන්ධන් 31 කියන්න ඉන්න දේ ශිවාජිලිංගම් වේලාසනම කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යයෙන්ම හිමිවන බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ස්වාධීන අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් දේශපාලන පක්ෂ කුමන තීන්දුවක් ගත්තද ආර් සම්බන්ධන් සහ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද එම් කේ සිවාජලිංගම් මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාව අනුව ආර් සම්බන්ධන් මහතා එම්.ඒ. සුමන්තිරන් මහතා කටයුතු කළ නිසා උතුරේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් කුමක් වුව ද දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය අවුරුදු හතරහමාරක තුළ දී උතුරු නැගෙනහිර සංවර්ධනයට කිසිදු වැඩකොටසක් වර්තමාන ආණ්ඩුව සිදු නොකළ බවත් එම නිසා එක්සත් ජාතික පක්ෂයට රැවටීමට උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව සූදානම් නොමැති බවත් එම් කේ සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි. උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් පෙනී නොසිට දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය උවමනාව අනුව කටයුතු කිරීම ගැනද ජනතාව දැඩි කලකිරීමකින් සිටින බවද එම් කේ සිවාජලිංගම් මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් තමන් ජනාධිපතිවරණයට තරග ක රන බවත් උතුරු- නැගෙනහිර ඇතුළු ලංකාවේ සැලකිය යුතු ජන කොටසක් තමාට ඡන්දය දීමට සූදානම්ව සිටින බවත් එම් කේ සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Lanka Leads)