Tuesday, July 01, 2025
Follow Us
"තරුණ ආකල්පවලට මුල් තැන"

තාරුණ්‍යයේ අයිතීන් සුරකින ප‍්‍රඥප්තියක් නිර්මාණය කර එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති තරුණ ප‍්‍රඥප්තියට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස කියා සිටියේ තරුණ ආකල්පවලට තරුණ සිතුවිලිවලට මුල්තැන ලබාදිය යුතු බවයි.

(Neth)