ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපදේශිකා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් එම පක්ෂයෙහි සම්මේලනයක් කැඳවීම සඳහා සූදානම් වන බව වාර්තා වේ.
නොවැම්බර් මස මුල් සතියේදී කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම ශ්‍රීලනිප විශේෂ සම්මේලනය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් සහ පක්ෂ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසකට මේ වනවිටත් ඒ සඳහා ආරාධනා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ මතය නොසලකා එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ගෙන ඇති තීරණය හමුවේ පාක්ෂිකයින් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතහැකි විකල්ප යෝජනා සම්මත කරගැනීම මෙම සම්මේලනයේ අරමුණ වී ඇති බව ද වාර්තා විය.
(LNW)