Tuesday, July 01, 2025
Follow Us
ජනාධිපතිට දෙපැත්තෙන්ම බලපෑම්

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය හමුවක් පවත්වා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණයේදී ස්වාධීනව සිටින බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා සිය ධුර කාලයේදී ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දු හා සිදුකළ ක්‍රියාවන් එහිදී සඳහන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගිය රාජපක්ෂ සමයේ සිදුවූවා යැයි කියන දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව හෙළිකරන ලෙසට ඔහුට හිතවත්, මේ වනවිට සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වන පිරිස ඉල්ලා ඇති බව සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන් සිදුවූ බව කියන දූෂණ, අක්‍රමිකතා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව හෙළි කරන ලෙසය. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය පාලනය කළ අමාත්‍යාංශ 15ක දූෂණ හා අක්‍රමිකතා එම වාර්තාවට ඇතුළත්ය.

(Lanka Leads)