Tuesday, July 01, 2025
Follow Us
මහින්ද කියන්නේ බොරු. 2020 පෙබරවාරි 17 තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ - අජිත්

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම සඳහා ලැබෙන ජනවරමක් සේ සලකා ක්‍රියා කරන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැන්නක් කළ නොහැකි බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

"ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා, මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පාර්ලිමේන්තුව වහාම විසිරවීමට ලබෙන ජනවරමක් සේ සලකා ක්‍රියා කරනවා කියලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධානවලට පටහැණිව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කරන්න බෑ.

ලබන අවුරුද්දෙ පෙබරවාරි 17 වනදා වෙනකල් මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)