Friday, May 17, 2024
Follow Us
ශාන්ත බණ්ඩාරගේ අසුන ජනපතිට

තවත් සති තුනකින් පමණ ‘ධුරය’ අත්හැරීමට සිදුවන වත්මන් ජනාධිපති සිරිසේන, ජනාධිපති ධුරයෙන් සමුගැනීමෙන් පසුව, ‘විශ්‍රාමිකව සිටීමේ අදහස අත්හැර ඇති බව ද පෙනේ. ඒ ජනාධිපතිවරණය අවසන් වූ වහාම ඔහු ‘ජාතික ලැයිස්තුවෙන්’ පාර්ලිමේන්තුවට පත්වීමට සූදානමින් සිටින නිසා ය.

මේ සඳහා මුලින් ම ‘ඩිලාන් පෙරේරා’ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ආසනයෙන් ඉල්ලා අස්විය යුතු බවට යෝජනා වුවත්, ඒ වෙනුවෙන් ඩිලාන් ඉල්ලූ ‘ඌවේ ආණ්ඩුකාර ධුරය’ අත්හරින්නට, ‘මෛත්‍රී ගුණරත්න’ අකැමැති විය. ඒ අනුව එකී යෝජනාව ශාන්ත බණ්ඩාර වෙත තල්ලු වූ අතර ජනාධිපතිවරයා සමග පවත්වන කිට්ටු සම්බන්ධය මත ඔහුට එය පිළිගන්නට සිදුවිය. ඒ අනුව දැනට යෝජනා වී ඇත්තේ, ජනාධිපතිවරණය අවසන් වූ වහාම ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වී එම අසුන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබාදීමට ය. කෙසේවෙතත් එවැන්නක් සිදුවුවහොත්, එය තවත් වාර්තාවක් වනු ඇත.

මන්ද පාර්ලිමේන්තුවේ එක් ධුර කාලයක් තුළ දෙවරක් ඉල්ලා අස්වූ එකම මන්ත්‍රීවරයා ශාන්ත බණ්ඩාර බවට පත්වන බැවිනි.
මේ ආකාරයෙන්, ජනාධිපතිවරණයෙන් පසුව මාස කිහිපයක් සඳහා පමණක් පවතින්නේ යැයි උපකල්පනය කළ හැකි වත්මන් පාර්ලිමේන්තුවෙන් පවා අසුනක් වෙන් කරගැනීමට තරම් සූක්ෂ්ම වී තිබෙන ජනාධිපති සිරිසේන, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නම් අනුගමනය කරමින් සිටින්නේ ‘නිර්පාක්ෂික ප්‍රතිපත්තිය’ කි. එසේ තිබියදීත් ඔහු තවමත් තමන් යටතේ තිබෙන ජනාධිපති මාධ්‍ය ඒකකයේ අයට ‘‘කැමති කෙනෙකුට වැඩකරන්න…’’ යන පණිවුඩය දී තිබේ.

Aruna