Friday, May 17, 2024
Follow Us
සජිත්ගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරිලා..සජිත්ට දෙනවනම් ගෝඨාභයටම දීලා දාන්න – අනුර

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරී ඇති බැවින් ඔහුට ඡන්දය ලබා දී තිසිවිටෙකත් අන්තවාදය පරාජය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය කතෝලික පමණක් නොව මුස්ලිම් ජනතාවටත් එල්ල වූ ප්‍රහාරයක් බවයි.

තමන් කෙදිනකවත් ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී පිරිස් දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කර නොගන්නා බවත් අන්තවාදය පරාජය නොකර රටේ ආරක්ෂාව තහවුරු කර නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම දෙදෙනාම හොඳ මිතුරන් බැවින් සජිත්ට ප්‍රේමදාසට ලබා දෙන ඡන්දය ගෝඨාභය රාජපක්ෂටම ලබා දෙන ලෙසත් ඒ මහතා පැවසීය.

(Lanka Leads)