Tuesday, July 01, 2025
Follow Us
අපේක්ෂකයන් 12ක් සටන අතහැර ගෝඨාට සහ සජිත්ට සහාය දෙයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස්පස් දෙනාගෙන් දොළොස් දෙනෙක් ප්‍රධාන අපේක්ෂකයාට සහාය පළ කරන බවට නිරීක්ෂණ සංවිධාන විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අතර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුට අපේක්ෂකයන් හත්දෙනකුද, අනෙක් අපේක්ෂකයාට පස්දෙනකු වශයෙන් සහාය පළකරන බව වාර්තා වේ.

මෙම සංඛ්‍යාව ජනාධිපතිවරණයට දින ළඟාවන විට වැඩිවිය හැකි බව එම නිරීක්ෂණ සංවිධාන පවසයි.

ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් කිහිපයක් හා පක්ෂ කිහිපයක් තවත් අපේක්ෂකයකුට සහාය පළකිරීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

(Lanka Leads)