Friday, May 17, 2024
Follow Us
මගේ ජීවිතයට අනතුරක් වුණොත් හිරු නාලිකාව වගකියන්න ඕනේ - ෆවුසි

හිරු රූපවාහිනී නාලිකාව විසින් සිය ප්‍රකාශය විකෘති කර විකාශය කිරීම හේතුවෙන් තමන් ජීවිත තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇති අතර කිසියම් හෝ අයුරකින් ජීවිතයට අනතුරක් සිදුවුවහොත් හිරු නාලිකාව ඊට වගකිවයුතු බව හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆවුසි මහතා ඒ බව සඳහන් කරයි.

සිය දේශපාලන ජීවිතය තුළ කිසිවෙකුට දෝෂාරෝපණය කර නොමැති අතර හොරා,මිනීමරුවා යනුවෙන් චෝදනාවක් හෝ කර නොමැති බව ඔහු කියාසිටියි.

රාජපක්ෂ පවුල අදටත් සිය මිත්‍රයන් ලෙස සලකන අතර මහින්ද රාජපක්ෂ මහතා කොතරම් හිරිහැර කළත් ඔහු අතහැර නොගිය බවයි ෆවුසි මහතා පවසන්නේ.

මෙවන් පසුබිමක තමන් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක් සාදාගෙන සිටින මොහොතක තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ යුතු බව යැයි හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කරයි.

(LNW)