Tuesday, July 01, 2025
Follow Us
පක්ෂ 20 සන්ධානයේ නායකයා මහින්ද : සභාපති මෛත්‍රීපාල – බැසිල්ටත් ලොකු තනතුරක්

පක්ෂ 20ක සහභාගීත්වයෙන් ලබන 31 දා අත්සන් කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටත් සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ලබාදීමට ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව එකඟත්වයකට පත්ව ඇත. එසේම මෙම සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය බැසිල් රාජපක්ෂ මහතාට පිරිනැමෙන බව ද වාර්තා වෙයි.

නව සන්ධානයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් හා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයක් ශ්‍රී.ල.නි.පයට හිමිවෙයි. මෙම ප්‍රධාන තනතුරැවලට අමතරව පත්කෙරෙන සෙසු තනතුරු සඳහා සුදුස්සන් පක්ෂ සියල්ලේම නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන හමුවකදී තීරණය කෙරේ.

Deshaya