Tuesday, July 01, 2025
Follow Us
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රීලනිපය අනුමත කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සියයට සියයක් අනුමත කළ හැකි එකක් බව ශ්‍රී.ල.නි.ප ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඔවුන් සම ප‍්‍රතිපත්තිමය වශයෙන් එක මඟක යාමට හැකි බව ඉතා හොඳින් සනාථ වූ ලියවිල්ලක් යැයි කී සියඹලාපිටිය මහතා කීවේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙන්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති කරුණු සාර්ථක කරගැනීම වෙනුවෙන් ද තම පක්‍ෂය එතුමාට සහය ලබාදෙන බව හෙතෙම සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ මැයෙන් එළිදැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයෙහි ජනතාව නව ජනාධිපතිවරයකුගෙන් බලාපොරොත්තු වන සියලූ කරුණු අන්තර්ගතව ඇතැයිද සියඹලාපිටිය මහතා පැවසීය.

තම පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතා හැර වෙනත් අපේක්‍ෂකයකුට සහය දුන්නා නම් ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශයට මෙතරම් හොඳින් එකඟවිය නොහැකි වනු ඇතැයි ද ප‍්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.

(LNW)