මේ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ ප්‍රධානත්වයෙන් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ විශේෂ හමුවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ සඳහා දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රීලනිපය නියෝජනය කරමින් සියලුම ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව ඇත.
එහිදී ඔවුන් එජාපෙ ජනපති අපේක්ෂකයාට සිය සහාය ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම හමුව මාධ්‍යයට විවෘත කර නොමැති අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද විදෙස්ගතව සිටින බැවින් හමුවට එක්ව නොමැති බව වාර්තාවේ.
මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සිදුකරනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
(LNW)