Thursday, May 02, 2024
Follow Us
ශ්‍රීලනිපය සුරකින්න චන්ද්‍රිකාගෙන් තවත් මෙහෙයුමක්.. සංවිධායකවරු මුදලට ගන්න ලක්ෂ ගනන් බෙදලා

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැදිහත්වීමෙන් පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හරහා එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මත සිය සංවිධායකවරුන් මුදලට ගන්නා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ශ්‍රවණාගාරයේ අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වු කොළඹ දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප සංවිධායක ඩී.එම්.සුජිත් පුෂ්පකුමාර මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපිට පුළුවන් පක්ෂය ආරක්ෂා කරන්න. 2015 හංසයා ළඟට ගිය අය මේක ආරක්ෂා කරන්න ඕන නෑ.

සාක්ෂි ඇතිව ඔප්පු කරන්න පුළුවන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයෙක් බොරු සංවිධානයක් එක්ක එකතු වෙලා අපේ සංවිධායකවරු බා ගන්නවා.

ඒ මෙහෙමයි..ඡන්දේ ඉල්ලපු කෙනෙක්ට 5000 කොළ 20යි.මන්ත්‍රී කෙනෙකුට 5000 කොළ 100යි.

ආසන සංවිධායකවරයෙක්ට 5000 කොළ ලක්ෂ 25ක් 30ක් විතර දෙනවා.

රු.25,000ට විකුණුන අය ඉන්නවා.

මේක නිර්මාණය කරන්නේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග.

එතුමිය පක්ෂයට ආදරේ කළේ නෑ.

80 ගණන්වල එතුමිය ස්වාමියා එක්ක පක්ෂය කඩන් ගියා.

දැන් පක්ෂයට ආදරෙයිලු, පක්ෂයේ අයිතිය එයාටලු.

පක්ෂය අයිතියි නම් කඩාගෙන ගියේ ඇයි?

(Lanka Leads)