Thursday, May 02, 2024
Follow Us
TNA තීරණය 31ට කල්යයි

ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

මෙතෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබීමත් එය ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය තීරණයකට එළඹිය යුතු බවටත් දෙමළ ජාතික සන්ධානයේ බහුතරයකගේම මතය වී ඇත.

මේ අනුව ලබන 31 වනදා වනවිට සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

(Lanka Leads)