Thursday, May 02, 2024
Follow Us
ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදකී !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (25) එළිදැක්වීමට නියමිතව තිබේ.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය අද පෙරවරු 09.00ට කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වීමට නියමිතය.

"සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්" යන තේමාව යටතේ එය සකස් කර ඇති බව සඳහන්.

(LNW)