Thursday, May 02, 2024
Follow Us
වසන්ත සේනානායක බාගෙට පැනලා. හිතාගන්න බැරි එජාප ප්‍රබලයෙකුත් එනවා - මහින්ද

සිතාගැනීමටත් අපහසු මට්ටමේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ (24) මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදීය.

වසන්ත සේනානායක මහතා දැනටමත් බාගෙට පැති මාරුකර ඇති බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා එජාප නායකයාට සමීපතම ප්‍රබලයෙකුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ නුදුරේදීම එක්වීමට සූදානමින් සිටින බවයි ප්‍රකාශ කර ඇත්තේ.

(LNW)