Thursday, May 02, 2024
Follow Us
තනි සිංහල ආණ්ඩුවක් : TNA, බදූර්දීන්, හකීම් අපට ඕනෙ නෑ - නාමල්

දෙමළ ජාතික සන්ධානයේ, රිෂාඩ් බදූර්දීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහ රවුෆ් හකීම් මහතාගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානය මෙන් තමන් බොරු නොකියන බවයි ඒ මහතා සඳහන් කළේ.

කොළඹ සිට හම්බන්තොටට ගෙනා අධිවේගී මාර්ගය හම්බන්තොට සිට නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් සම්බන්ධ කර උතුර සහ දකුණ යා කරන පාලමක් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, සම්බන්ධන් මෙන් බොරු නොකියන තමන්ට TNA, බදූර්දීන්, හකීම් යන කිසිවෙකුගේ හෝ සහායක් ඉදිරියේදී වුවමනා නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ එරාවූර් හි පැවති ජනරැළියක් අමතමිනි.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දන්නා කලක පටන්ම සිංහල ජනතාව අතර ප්‍රචාරණය කළ පරිදි තනි සිංහල ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය ඉල්ලා සිටින බවයි. මෙය බෙදීම් තීව්‍ර කරන ඉතාම නින්දිත සහ භයානක වෑයමක් බව කිව යුතුය.

(LNW)