Thursday, May 02, 2024
Follow Us
විශේෂ කාරක සභා වාර්තාව පක්ෂග්‍රාහීයි – මහින්ද

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(24) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

අද පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික ශ්‍රි දළදා මාලිගාව වෙත පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

අනතුරුව මල්වතු මහා විහාරයට ගිය විපක්ෂ නායකවරයා මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය.

මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි.

(Lanka Leads)