Thursday, May 02, 2024
Follow Us
’’ගෝඨාගේ තීරණය අපි දැන් දන්නවා දැන් බලන් ඉන්නේ සජිත් දිහා’’ - ශිවාජිලිංගම්

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ තුන සහ තවත් පක්ෂ දෙකක් එකතුව ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාවට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ජනාධිපති අපේක්ෂක එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.

එම යෝජනාවලිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ස මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඊට එකඟ නොවන බව සඳහන් කර ඇති හෙයින් ඒ පිළිබඳ තවදුරටත් කතා කිරීම අවශ්‍ය නැති බවයි ශිවාජිලිංගම් මහතා සඳහන් කරන්නේ.

අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් කුමන අදහසක් දක්ක්වයිද යන්න පිළිබඳ නොදන්නා අතර ඔහු ජනාධිපතිවරණ ජයග්‍රහණය නොක්කරන බව දන්නා හෙයින් ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන බව හෙතෙම කියාසිටියි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි, ටෙලෝ, ප්ලොට් යන පක්ෂ සමඟ උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මහත්වරුන්ගේ පක්ෂද එම යෝජනාවලියට සහය දක්වා තිබෙන බව ශිවාජිලිංගම් මහතා සඳහන් කරයි.

විශේෂයෙන් දැන් එම යෝජනාවන්ට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිචාරය අනුව ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජන්ද කෙසේ හසුරුවන්නේද යන්න පිළිබඳ උක්ත පක්ෂ තීරණයක් ගනු ඇත.

2015 ජනාධිපතිවරණයේදී ද මෙම දෙමළ ජනතාවගේ ජන්ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක බලපෑමක් එල්ල කරන ලදී.

(LNW)